gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ මල්ලිගේ ගෙදරදී රාජ්‍ය ඇමතියෙක් වෙඩි තියයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බාල සොහොයුරු චන්න වික්‍රමසිංහ ගේ නිවසේ පසුගියදා පැවති සාදයකදී බීමත් වූ රාජ්‍ය අමාත්‍යවරයකු නිවස තුළදීම සිය පිස්තෝලයෙන් ඉහළට වෙඩි තැබීමක් සිදු කොට ඇති අතර එයින් විසිරුණු කැබලි වැදී ඊට සහභාගී වූ මහාචාර්යවරයකුට සුළු තුවාල සිදුව ඇති බව දේශපාලන අරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසන්නයේම පිහිටි මෙම නිවසේ පැවැති මෙම රාත්‍රී සාදයකට රජය නියොජනය කරන අමාත්‍යවරුන් සහ පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුර ලැබුණු කිහිප දෙනකු ඇතුළු පිරිසක් සඳහා චන්න වික්‍රමසිංහ  ආරාධනය කර ඇත.

ඊට සහභාගී වූ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා අධික ලෙස බීමත්ව මෙම වෙඩි තැබීම සිදුකර  ඇති අතර ඔහුගේ මිතුරන් අසීරුවෙන් ඔහුව පාලනය කරගෙන එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව සඳහන් වේ. .

රාජ්‍ය අමාත්‍යවරයා සිය පිස්තෝලයෙන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ නිවස අභ්‍යන්තරයේදී බව සඳහන් වේ.  එම වෙඩි පහර වැදුණු ස්ථානයේ බිඳි ගොස් බිමට වැටුණු ද්‍රව්‍ය   චන්න වික්‍රමසිංහගේ  මිතුරකු වන මහාචාර්යවරයාගේ හිසට  වැදී සුළු තුවාල සිදුව  තිබේ. ඔහු ඒ මොහොතේ වහාම රෝහලකට පිටත්  කොට අවශය ප්‍රතිකාර ලබා දීමට කටයතු කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙම සාදයට සහභාගී  වී නැත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව  නියෝජනය කරන  මෙම තරුණ රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය කාලයේ දී කැබිනට් අමාත්‍ය ධුරයක වගකීම්ද ඉසිලූවෙකි. ඔහු බීමත් ව අඬ දබර කර ගැනීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka