gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීති විරෝධීයි! රනිල්ගේ අධිආරක්ෂිත කලාපයට නීතීඥ සංගමයේ විරෝධය පළවෙයි!

විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතෙන් බලයක් නොමැති බව නීතිඥ සංගමය පවසයි. කොළඹ ප්‍රදේශ කිහිපයක අධි ආරක්ෂිත කලාප පිහිටුවීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊයේ (23) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ අතර එම නියෝග ක්‍රියාත්මක කිරීමේ නිසි බලධරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරනු ලැබීය.

මෙම ගැසට් නිවේදනයට විරෝධය පළකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවය.

එහි දැක්වෙන්නේ, රාජ්‍ය රහස් පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ විසම්මුති අයිතිය පාලනය කිරීමට හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමට පමණක් එකී පනත භාවිත කළ හැකි බවය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka