gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහා වංචාවක් හෙළි වෙයි – මිල්කෝ සභාපති සේවකයන් ගෙදර යවන්නැයි මහින්දගෙන් ඉල්ලයි

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක් සිදුව ඇතැයි එහි සභාපති රේණුක පෙරේරා මහතා පැවැසුවා. 2021 වසරේ සිට මෙම වංචාව සිදුව ඇති බවත් එම කම්හල සතු ඉන්ධන ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇතැයි මේ වනවිට හෙළි වී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා.

මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතත්, මෙම වංචාවට සම්බන්ධ දැනට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයන් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා ලෙස ඔහු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා.

මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂය තුළදීත් සිදුවූයේ ද යන්න සම්බන්ධව පුළුල් විමර්ශනයකින් සොයා බලන්නැයි අමාත්‍යවරයා එහිදී සභාපතිවරයාට උපදෙස් දුන්නා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka