gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලුත් දෙයක් නෑ, ආණ්ඩුව දැන් යන්නේ එදා වේල ටුවර්ස් ගමනක් – විමල් වීරවංශ (VIDEO)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩකඩ මේ වන විට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ස්වාධීන පක්ෂ 09 ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

 “අපට පෙනෙන්නට නෑ මේ රටේ තියෙන දේශපාලන පක්ෂවලට අද මේ රට වැටිලා තියෙන දිහා බලලාවත් එකට එකතුවෙලා මේ රට ගොඩනගන්න කැපවීමක් කරන්න තරම් පුළුල් මනසක් තියෙනවා කියලා. ඒ වගේම රටේ ජනාධිපතිවරයාටත් එහෙම උවමනාවක් හා වැඩපිළිවෙලක් තියෙනවා කියලා අපිට පේන්නේ නෑ. ඒ නිසා බොහෝ වේලාවට ඔය සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. මේ අය අටවාගත් පාලනය පවත්වාගෙන යන එක තමා බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම රට තියෙන්නේ පරිවර්ථනයකට ගෙන යා යුතු මොහොතක්. මේක ආපු විදියටම ඇඟපත බේරගෙන යා යුතු මොහොතක් නෙමෙයි. හැබැයි ඒ පරිවර්ථනයේ මොහොත බවට මේ අවස්ථාව පත්කර ගන්නවා වෙනුවට අපට පේන්නේ එදා වේල ටුවර්ස් ගමනක් යනවා කියලා විතරයි. ඒක තමා තියෙන කනගාටුව.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka