පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවීම සම්බන්ධව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නියමය මත පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී ඇත. තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ වසන්ත යාපා බණ්ඩාර කතානායකවරයාට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ වී තිබේ.
ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කළ ඡන්ද විමසීමේ දී තමන් කටයුතු කළ ආකාරය හා ඒ පිළිබඳව සිය ස්ථාවරය නිසා මෙම මරණීය තර්ජන එල්ල වී ඇති බවට ඔවුන් පැමිණිලි කර ඇත.
දුරකථන මාර්ගවලින් සිදුකරන ලද මෙම මරණීය තර්ජනවලට අදාල පටිගත කළ හඬ පට සහිතව මෙම මන්ත්‍රීවරු දෙදෙනා මේ වනවිට මිරිහාන පොලිසියට සහ ජනාධිපතිවරයාටත් පැමිණිලි කර තිබේ.