gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් තට්ටු කරමින් ඉන්නේ වැරදි තැනට – හිරුණිකා (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර ඇයගෙන් පැය 05.30ක පමණ කාලයක් ප්‍රකාශ ස‍ටහන් කර ගෙන තිබුණි. පසුගිය ජූලි 09වැනි දින පැවති ජන අරගලයේ දී එවකට අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි එලෙස ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ.

එම ප්‍රකාශ ලබා දීමෙන් අනතුව එම ස්ථානයෙන් පිටව යාමට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතා වැරදි තැනට තට්ටු කරමින් සිටින බවයි.

ඔහුගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ කිසිවෙකු හෝ ප්‍රශ්න කිරීම සඳහා කැඳවා නැති නමුත් කැඳවමින් සිටින්නේ පසුගිය අරගලය හා සම්බන්ධ වී සිටි පිරිස් මෙන්ම ඊට සහය දැක්වූ පුද්ගලයින් බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ.

යුද්ධය මෙන්ම පාස්කු ප්‍රහාරය විකුණා බලයට පැමිණි පොහොට්ටු කණ්ඩායමට දැන් ඉදිරි මැතිවරණයකට ටැග් ලයින් එකක් නොමැති වීම නිසා දැන් උත්සහ කරන්නේ රට අස්ථාවර වීම අරගලය පිට දමා ඒ මතින් බලයට පැමිණීමේ සැලැස්ම සකස් කර ගැනීම බවත් ඉදිරියේදී මීට වඩා පීඩාකාරි දේ සිදුවනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka