හෙණ්ඩුව අතට ගන්න ගිය පොහොට්ටුවට රනිල්ගෙන් තොණ්ඩුව වැටේ!
පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි ඇමැති ධුර සංඛ්‍යාවක් ඉල්ලා සිටීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පවත්වා තිබේ.
එහිදී කැබිනට් ඇමැති ධුර හා රාජ්‍ය ඇමැති ධුර වැඩි වශයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ ඇතැම් මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා දීමේ යෝජනාවට දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධය පළ කර ඇති බවයි.
ඇමැති ධුර ලබා දිය යුතු මන්ත්‍රිවරු දහසයකගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ. එම ලේඛනයේ නම් සඳහන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා නොදෙන ලෙස විපක්ෂයෙන් එක් වීමට නියමිත මන්ත්‍රිවරු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් ඇමැති ධුර ලබා ගැනීම සඳහා පක්ෂයක් ලෙස සාකච්ඡා කළ යුතු බවත්, තනි තනිව ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකරන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ. හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ද තමන්ට රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සමග ඉදිරි දෙසතිය තුළ ද සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.
මේ අතර රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් මෙවර ගැසට් නොකිරීමේ යෝජනාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් වෙන වෙනම ගැසට් කර තිබුණි.
උපුටා ගැනීම - අරුණ පුවත්පත

2022-08-20T21:11:00+05:30
Gossip Lanka Hot News