gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IMF යන්නැයි කියන්නේ ද්‍රෝහීන්... එම ද්‍රෝහීන් අල්ලා මුහුදට දැමිය යුතුයි - වාසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බව කියන පුද්ගලයන් ද්‍රෝහීන් බවත් එම සෑම ද්‍රෝහියෙක්ම අල්ලා මුහුදට දැමිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ගාලුමුවදොර අරගලකරුවන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන ප්‍රශ්න මතු නොකළ බවත් රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම ගැනද විරෝධය පළ නොකළ බවත් හෙතෙම පැවසීය.

ලංකාවේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සිටින වැඩි පිරිසක් අයි.එම්.එෆ් කාරයන් යයිද ඔහු පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වතාවක් මැදිහත් වී ඇති බවත් ලංකාවේ අද ඇති වී තිබෙන අර්බුදය එම මැදිහත්වීම ප්‍රතිඵලයක් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka