gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා නාමය ඉතිහාසගත වෙයි - යුපුන්ට ලෝකඩ පදක්කමක්!

22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාගේත් වැඩි අවධානය දිනා ගත් පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණි.

බර්මිංහැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩා සංකීර්ණයට රැස්ව සිටි 35,000කට අධික ප්‍රේකෂකයින්ගේ ඔල්වරසන් මැද පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සහභාගිවීමට පොදුරාජ්‍ය මණ්ඩලයීය කලාපයේ වේගවත්ම ක්‍රීඩකයින් 8දෙනා ධාවන පථයට පිවිසුණි.

යුපුන් අබේකෝන්ට ධාවනයේ යෙදීම සඳහා මංතීරු අංක දෙක වෙන්ව තිබූ අතර, යුපුන් ධාවන පථයට පිය නැඟුවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයකට සහභාගී වන පළමු ආසියාතිකයා ලෙසය.

අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර වේගවත්ම මිනිසා තෝරා ගැනීම සඳහා වූ තරගය ආරම්භ වුණි.

තත්පර 10.02කින් ඉසව්ව නිමකළ කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන් යාලා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වේගවත්ම මිනිසා ලෙස කිරුළු පළඳිද්දී දෙවන ස්ථානය සඳහා දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ සහ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අතර පැවතුණේ තියුණු තරගයකි.

තත්පර 10.13කින් ඉසව්ව නිමකළ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ රිදී පදක්කම හිමිකර ගනිද්දී යුපුන්ට රිදී පදක්කම ගිලිහී ගියේ මිලි තත්ත්පර 1කින්.

ඒ අනුව තත්පර 10.14ක් ලෙස යුපුන්ගේ තරග නිමිකාලය සටහන් වූ අතර යුපුන්ට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත්තේ වසර 24කට පසුවය.

අවසන් වරට මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකර දීමට 1998 වසරේදී සුගත් තිලකරත්න සමත්ව තිබේ.

එමෙන්ම යුපුන් වාර්තා අතරට එක්වන්නේ වසර 92ක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පදක්කමක් හිමිකරගත්
සිව්වන ශ්‍රී ලංකික මලල ක්‍රීඩකයා ලෙසය. 

"ගොඩක් සතුටුයි. මේ අවුරුද්දේ ප්ලෑන් එකෙන් එකක් මේක කොමන්වෙල්ත් ෆයිනල් එකක් සෙල්ලම් කරන එක. ඉතින් ඒක මම කරා. කෝච් මට කිව්වා ඔයා දැන් රිලීස් මොකද ඔයාගේ ගෝල් එකට ඔයා ඇවිත් තියෙන්නේ. මේක ෆී දුවන්න අනිවාර්යයෙන්ම ඔයාට පෝඩියම් ෆිනිස් එකකින් මේක ඉවර කරන්න පුළුවන් කියලා මට කිව්වා. මේක ගොඩක් කට්ටිය බලන් හිටියා. මාව විශ්වාස කරා. ඉතින් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මං එයාලට මොකද මං එක්ක හිටිය ට මෙච්චර කාලයක්. මෙතැනට එන්න කරපු දේවල් දන්නේ මමයි මගේ කණ්ඩායමේ සුළු පිරිසක් විතරයි. මේක මම දුවනකල් බලන් හිටිය හැමෝටමයි ලංකාවටයි මගෙන් පොඩි තෑග්ගක්."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka