gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SPMC එක බෙහෙත් දෙකක් හඳුන්වාදෙන්න උත්සව 3ක් තියලා!

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඖෂධ වර්ග දෙකක් නිෂ්පාදනය කර හඳුන්වාදීම සඳහා උත්සව තුනක් පැවැත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට ඊයේ (16) දැනුම් දී ඇත.

කෙසේවුවද, අදාළ කාලය තුළ සෞඛ්‍ය ඇමැතිවරු තිදෙනකු කටයුතු කර ඇති අතර ඔවුන්ට ද මෙහි සම්බන්ධයක් තිබේද නැද්ද යන්න මෙතෙක් හෙළිව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තයිරොක්සින් ඌනතාව සඳහා ලබාදෙන Levothyroxine 50mg ඖෂධය හා ගෑස්ට්‍රික් ආම්ලිකතාවට ලබාදෙන Omeprazole 20mg ඖෂධය මෙම ඖෂධ වර්ග දෙක වෙයි.

තයිරොක්සින් ඌනතාවට ලබාදෙන ඖෂධය හිටපු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී හඳුන්වා දී ඇත්තේ 2020 පෙබරවාරි 11 වැනිදාය.

ගෑස්ට්‍රික් ආම්ලිකතාවට ලබාදෙන ඖෂධය හිටපු රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් 27 වැනි දින හඳුන්වා දී තිබේ.

මෙම ඖෂධ එදින සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයටද ලබාදී ඇත්තේ රෝගී සත්කාර සේවා සඳහාය. කෙසේ වෙතත් මෙම ඖෂධ දෙක යළිත් වරක් වෙළෙඳ පොළට හඳුන්වාදීම සහ වේදනානාශක ඖෂධයක් වන Mefenamic Acid ඖෂධය අලුතින් හඳුන්වාදීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පෙරේදා (15) පැවැත්විණි.

මීට පෙර හඳුන්වා දී ඇති ඖෂධ දෙකක් යළි හඳුන්වාදීම සඳහා උත්සවයක් පැවැත්වීම හා මෙම ඖෂධවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාගෙන් ‘අරුණ’ පුවත්පත විමසීමක් සිදුකර ඇති අතර ඔහු මෙලෙස පිළිතුරුදී තිබේ.

‘‘මීට පෙර මෙම ඖෂධ දෙක කරල් ලෙස සකස් කර රජයේ රෝහල්වලට බෙදා දුන්නා. කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ ඖෂධය ඇලුමිනියම් ආවරණයක් යටතේ වෙළෙදපොළට හඳුන්වා දීමයි’’

සෞඛ්‍ය ඇමැතිවරයා ලබාදුන් උපදෙසකට අනුව මීට පෙර හඳුන්වා දී ඇති මෙම ඖෂධ වර්ග දෙක යළි හඳුන්වා දීම සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා විමර්ශන ආරම්භ කර තිබේ.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka