සමගි ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන කටයුතුවලින් එහි නියෝජ්‍ය නායක සරත් ෆොන්සේකා තාවකාලිකව ඈත් කර තබන ලෙස එම පක්ෂයේම මන්ත්‍රී කණ්ඩායමක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මෙම ඉල්ලීම කිරීමට හේතුවක් වී ඇත්තේ පක්ෂ නායකත්වය අභිබවා යමින් පක්ෂයේ ඉදිරි ගමනට බාධා ඇතිවන ආකාරයට සරත් ෆොන්සේකා විසින් පසුගිය වකවානුව තුළ දිගින් දිගටම ක්‍රියා කිරීම බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පක්ෂ විනය එහි සියලුම සාමාජිකයන්ට එක හා සමාන විය යුතු බවත්, පක්ෂයේ විනය හා ප්‍රතිපත්ති කඩකරමින් සිදුවන ෆොන්සේකාගේ හැසිරීම සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම මන්ත්‍රීවරු නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.
සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදයක් සරත් ෆොන්සේකා නිසා ඇතිවෙමින් පවතින බවත්, පක්ෂ නායකත්වය එහි එකමුතුකම රඳවාගෙන ඉදිරි ගමනක් අපේක්ෂා කරද්දී ෆොන්සේකා දැනුම්වත්ව අභ්‍යන්තර ගැටුමක් අවුලුවන බවත් මේ පිළිබඳව කළ විමසීමක දී සජබ ප්‍රකාශකයෙක් පැවසීය.
ලංකාසර
