gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහරාජ හෝටලය මගේ හවුල්කාරීත්වයක්... එය හැදුවේ නීත්‍යානුකූලවයි - රෝහිත රාජපක්‍ෂ

සිංහරාජ රක්‍ෂිතයට මායිම්ව සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලය ඉදිකර ඇත්තේ හවුල්කාරිත්වයක් සහිත තමන්ට අයත් ඉඩමක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මහතා සදහන් කරයි.
අදාල හෝටලය ඉදිකර ඇත්තේ සියලුම නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු බව ද ඔහු සිරස රූපවාහිනිය වෙත පවසා ඇත.

එම ක්‍රියාවලියේ යම් වරදක් සිදුවී ඇත්නම් අධිකරණ ක්‍රියාවලියක් හරහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටී.

තහවුරු කළ නොහැකි අසත්‍ය චෝදනා නැගීම සම්බන්ධයෙන් තම පාර්ශව විසින් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග යන්ට මුහුණ දීමට සූදානමින් සිටින ලෙස ද රෝහිත රාජපක්ෂ මහතා චෝදනා නගන පාර්ශවයන්ට ද දැනුම් දී ඇත.

මේ අතර මෙම හෝටලයේ අයිතිය පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බව සර්වපාක්ෂික අරගලකරුවෝ පවසති.

එය අයත් වන්නේ කිසිදා රැකියාවක් නොකළ රෝහිත රාජපක්ෂගේ නම් ඔහු එය ගොඩනැඟුවේ කාගේ මුදලින් දැයි සොයා බැලිය යුතු බව ද ඔවුහු කියා සිටිති.

රාජපක්ෂ පවුලට ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය නිර්දෝෂීභාවය තහවුරු කළ හැකි බවත් ජනතා මුදල් කොල්ලකෑ කිසිවෙකුට නිදහසේ සිටින්නට අරගලකරුවන් ඉඩ නොතබන බවත් ඔවුහු අවධාරණය කළහ.

- lankacnews


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka