gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

EXCLUSIVE : අද හවස 5ට කලින් ගෝල්ෆේස් භෝග වගාව ඉවත් කරන්න – පොලිසියෙන් දැනුම්දීමක්!

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා ඉවත්කර ගැනීමට දී තිබූ කාලය අද පස්වරු 05 ට අවසන් වනවා. පෙරේදා මෙන්ම ඊයේ දිනයේදීත් කොටුව පොලිසිය විසින් එම ස්ථානයට ගොස් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් අරගලකරුවන්ට එය නිවේදනය කර තිබුණා.

එසේම එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි. මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහිදී පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහජනයාගේ අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසටයි.

පොලිසියේ දැන්වීමට එකගවෙමින් ඊයේ දිනයේදීත් ශාන්ත ජෝන් ගිලන් රථ සේවය ඇතුළු පාර්ශව කිහිපයක් අරගලභූමියෙන් ඉවත්ව තිබුණා. එහෙත් තවත් පාර්ශව කිහිපයක් අවධාරණය කර තිබුණේ කිසිදු ආකාරයකින් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka