gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථික අර්බූදය නිසා අලුත් ඇමැති තනතුරු දෙන්න එපා... නියෝජ්‍ය රාජ්‍ය ඇමැතිකම් දෙන්න එපා... අපි පාර්ලිමේන්තුවේදී උදව් කරන්නම් - ඩලස් පිල රනිල්ට නිල වශයෙන් දැනුම් දෙයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ශ්වය කොන්දේසි 4ක් පනවා තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර ඇත.

ඔහු ඇතුළු කණ්ඩායම ඊයේ (අගෝ. 4) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර, එහිදී අදාළ කොන්දේසි 4 ඉදිරිපත් කර තිබේ.

ආර්ථික ස්ථාවරත්වය අතින් රට තීරණාත්මක මට්ටමක පවතින බව වැටහෙන බැවින් වත්මන් අමාත්‍ය මණ්ඩලයට අලුත් තනතුරු ඇති නොකරන ලෙසට ත් රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සිදු නොකළ යුතු බවට ත් ඔවුන් යෝජනා කර ඇත.

එමෙන් ම, කණ්ඩායමක් ලෙස කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගත්ත ද සර්ව පාක්ෂික ආණ්ඩුවේ අදහසට එකඟ වන ඔවුන් එහි සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු අනුකමිටු සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කටයුතුවලදී සම්පුර්ණයෙන් සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ද එහි දැක්වේ.

අධ්‍යාපනය නැවත වසංගතයට පෙර තත්ත්වයට පත් කිරීම ප්‍රමුඛතාවයක් විය යුතු බව ද එම යෝජනා අතර වේ.

අදාළ ට්විටර් සටහන පහතින් දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka