මහ බැංකු බැඳුම්කර වංචා චෝදනා එල්ල වීම මත අත්හිටුවා ඇති ගිණුම්වල තහනම ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එම පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ එසේ තහනම ඉවත් කිරීමට යන එක් ගිණුමක රුපියල් බිලියන හතරක් ඇති බවයි.
මේ සිදුවන්නට යන්නේ බැඳුම්කර මගඩියේ දෙවැනි අදියර බවත් එම ගිණුම් අත්හිටුවා ඇත්තේ බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව එම ගිණුම්වලින් අයකර ගැනීම සදහා නීතිමය පසුබිම සකස් කර ගැනීමට බවත් ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
