16ක් එළියට දමයි! වසන්තව රැඳවුම් නියෝග යටතේ තියාගනී!
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා තබා විමර්ශනය කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හාෂාන්ත ජීවන්ත ගුණතිලක මහතා ද පසුගිය අප්‍රේල් 9 වැනි දා සිට අරගලයේ සිදු වූ සිදුවීම්වලට අදාලව රැඳවුම් නියෝග යටතේ, රඳවා තබා විමර්ශනය කිරීමට නියමිත බවය.
ඊයේ සවස් කාලයේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී පවත්වන ලද විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් 19 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, අයුතු ජන රාශියක සාමාජිකයින් වීම හේතුවෙනි.
පොලීසිය පැවසුවේ, කුරුඳුවත්ත, කොම්පඤ්ඤ විදීය, බොරැල්ල පොලිස් ස්ථාන හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 19 දෙනා අතුරින් 16 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේ ය.
16ක් එළියට දමයි! වසන්තව රැඳවුම් නියෝග යටතේ තියාගනී!
2022-08-19T18:33:00+05:30
Gossip Lanka Hot News






