රනිල් ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ අත්හදා බැලීමකටයි... එය සාර්ථකයි - පොහොට්ටුව
ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තම පක්ෂය ඡන්දය පාවිච්චි කළේ අත්හදා බැලීමට බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා සඳහන් කරයි.
එම අත්හදා බැලීම මේ වන විට සාර්ථක වී ඇති බව පැවසූ ඔහු ඉන්ධන, ගෑස් පෝලිම් අඩු වී ඇති බවත් බඩු මිලද අඩු වී ඇති බවත් කියා සිටියේය.
මේ හේතුවෙන් ජනතාවට යම් යම් සහන හිමිවී ඇත්තේ එම අත්හදා බැලීමෙන් බවද ඔහු පෙන්වා දෙයි.
ඉදිරියේදී තව තවත් සහන ජනතාවට හිමි විය හැකි බවද එනිසා වත්මන් ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බව ද තවත් ඔහු තවදුරටත් පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රනිල් ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ අත්හදා බැලීමකටයි... එය සාර්ථකයි - පොහොට්ටුව
2022-08-09T15:30:00+05:30
Gossip Lanka Hot News






