gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ බැංකුව දැඩි තීන්දුවක! විවෘත ගිණුම් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නැයි දැනුම් දෙයි!

විවෘත ගිණුම් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි. අත්‍යාවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීමට ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බවද මහ බැංකුව අවධාරණය කර ඇත.

“විවෘත ගිණුම් වෙළඳාම තහනම් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. මේ වන විට අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමයක් බැංකු පද්ධතිය සතුව පවතින බව අපි විශ්වාස කරනවා,” මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මහ බැංකු නිර්දේශය මත රජය මැයි මාසයේදී විවෘත ගිණුම් පදනම් කරගත් ආනයන තහනම් කළද ජුනි මාසයේදී විවෘත ගිණුම් ගෙවීමේ කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් ආනයනය කිරීමට අවසර දෙමින් තහනම ලිහිල් කරන ලදී.

විවෘත ගිණුම් වෙළෙඳාම ලිහිල් කිරීම වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත වැටීමට බලපා ඇති බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ආචාර්ය වීරසිංහ මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.

විවෘත ගිණුම් ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් හවාලා සහ උන්ඩියල් වැනි අවිධිමත් ආකාරයේ විනිමය අනුපාත පහත වැටුණු අතර ඒ හේතුවෙන් භාණ්ඩ මිලෙහි සිල්ලර මිල ද පහත වැටුණි.

විවෘත ගිණුමක් නිසා භාණ්ඩ මිල පහත වැටුණු බවට ඇතැම් වෙළෙන්දෝ ප්‍රකාශ කිරීමට කලද, ඉන්දීය ණය රේඛාව යටතේ ආනයනය කිරීම ඇතුළු තවත් ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් මෙම පහත වැටීමට හේතු වූ බවද ආචාර්ය වීරසිංහ අවධාරණය කළේය. කිරිපිටි සහ සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක් ආනයනය කරනු ලැබුවේ බැංකු අංශයෙන් ලබාදෙන විදේශ විනිමයෙන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, විවෘත ගිණුම් ගෙවීමේ කොන්දේසි යටතේ අනුමත ආනයනකරුවන් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්කාශනය කිරීමේ බලපැවැත්වෙන දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කරමින් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා මේ සතියේ නිවේදනයක් නිකුත් කළේය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka