නාවික හමුදා කිමිදුම්කරුවන් හදිසියේම දියවන්නාවේ කිමිදෙයි!
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවේ ආරක්ෂාවට යොදවා තිබූ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානයක් ඊයේ (03) දහවල් දියවන්නා ඔයට කඩා වැටී තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, කාර්මික දෝෂයක් හේතුවෙන් එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බවයි.
එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් අද යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
නාවික හමුදා කිමිදුම්කරුවන් හදිසියේම දියවන්නාවේ කිමිදෙයි!
2022-08-04T13:02:00+05:30
Gossip Lanka Hot News






