gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටාභයට මෙහෙම වුනේ උද්දච්චකම නිසයි- මුරුත්තෙට්ටුවේ හිමි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවා.

මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ආනන්ද හිමියෝ මේ බව කියා සිටියා.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“හැට නව ලක්ෂයක් ඡන්ද අරගත්තේ මේ රටට සෞභාග්‍යය උදා කරනවා කියලා. නමුත් පත්වෙලා මාස තුනක් යනකොට අපිට තේරුණා සෞභාග්‍යය නෙමෙයි සවු භාගයක්වත් මේ රටට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනවා. හැට නම ලක්ෂත ඡන්ද වරමකින් ජනාධිපති වී තුනෙන් දෙකක බලයක් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති තත්වය පිළිබඳව බෙහෙවින් කණගාටුයි. අද වන විට ඔහු රටින් රටට යනව. ඔහු එහෙම යන්න අවශ්‍ය නැහැ. ඔහු වරදක් කරල නැහැ. නීතියෙන් වැරදිකරුවෙක් වෙලා නැහැ. එහෙම නං ඇයි එතුමා ඒ තත්වෙට පත් වෙලා තියෙන්නෙ. ඔහු මේ රටේ පුරවැසියෙක් ඔහුට ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්. මේ රටට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.”



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka