හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවාතැන් ගෙන සිටි කොළඹ විජේරාම මාවතේ නිල නිවෙස අලුත්වැඩියා කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මිලියන 400ක මුදලක් කැබිනට් පත්‍රිකාවක් මගින් සම්මත කරදීමට පියවර ගෙන ඇත.
ඉකුත් සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කොට ඇත.
ඒ අනුව අදාළ නිවෙස පමණක් නොව ඊට යාබද කොටසද පවරාගෙන නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ වනතෙක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පවුල බුලර්ස් පාරේ පිහිටි වෙනත් නිලනිවෙසක නවාතැන් ගෙන ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදීද මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ නමුත් පවතින මූල්‍ය අර්බූදය හමුවේ එය සම්මත නොකිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණ.