gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිලියන 1.5ක බදු බි. 04ක ණය පොලු යට යයි.. අර්ජුන් ඇලෝසියස්ට යළි අරක්කු බලපත්‍ර!

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ. මෙන්ඩිස් සමාගමට මීට පෙර නිකුත්කර තිබූ බලපත්‍ර තුන අතරින් දෙකක් මෙලෙස නැවත නිකුත්කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කළේය.

ඉතිරි බලපත්‍රයද ඉදිරියේදී නිකුත් කිරීමට හැකියාවක් පවතින්නේද යන්න දෙපාර්තමේන්තුව විසින් සලකා බලන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම නිසා 2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බලපත්‍ර නිකුත් කර ඇත. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වේ.

පෙරේදා (16) මෙම බලපත්‍ර යළි ලබාගැනීම වෙනුවෙන් මෙන්ඩිස් සමාගමේ නියෝජිතයන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සහ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයකු ද සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka