ලංකාව තිත්තම වෙයි! ඇමරිකාවේ නවතින්නම යන්න ගෝඨා අන්තිම සැලැසුමේ!
දැනට තායිලන්තයේ වෙසෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට යාම සඳහා වන කටයුතු ආරම්භ කර තිබේ.
ඇමරිකානු පුරවැසියකුව සිටි ඒ මහතා මෙරට ජනාධිපතිවරණයට තරග කිරීමට පෙරාතුව එම පුරවැසිකම ඉවත් කර ගත්තේය.
කෙසේ වෙතත් ඔහුගේ බිරිද, පුත්‍රයා සහ ලේලිය ඇමරිකානු පුරවැසියන් වන හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට නැවත එරට පුරවැසිකම ලබා ගැනීමේ හැකියාවක් ඇති බවද වාර්තා වෙයි.
නමුත් ඇමරිකානු පුරවැසි කම අත්හළ පුද්ගලයෙකුට යළි එය ලබාදීමට ඇමෙරිකානු රජය දැඩි සීමා පනවා තිබේ.
දැනට තායිලන්තයේ සිටින සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 24 වැනි දින මෙරටට පැමිණෙනු ඇති බව ද ඊයේ දිනයේ උදයංග වීරතුංග මහතා සඳහන් කළේය.
ලංකාව තිත්තම වෙයි! ඇමරිකාවේ නවතින්නම යන්න ගෝඨා අන්තිම සැලැසුමේ!
2022-08-18T10:23:00+05:30
Gossip Lanka Hot News





