gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝල්ෆේස් අරගලයේ ඉදිරියෙන්ම සිටි එරංගගේ ගෙදර ‌පොලිසියෙන් වටලයි!

ගෝල්ෆේස් අරගල භූමියේ සක්‍රීයව සිටින සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකරගේ නිවස, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නැති අතර එම නිලධාරීන් බොහෝ වේලාවක් නිවසේ රැඳී සිට තිබෙනවා.

නිවස වැටලීමට පැමිණීමට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකරගේ නිවසට යන මාර්ගයේ මංසන්ධියක පැය කිහිපයක් රැඳී සිට ඇති බවද පැවසෙනවා.

හදිසියේ නිවස වැටලූ එම නිලධාරීන් පවසා ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා එරංග ගුණසේකර අවශ්‍යව ඇති බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka