gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අරන් ඇවිත් ලෝකය ඉදිරියේ රට ගැටලුකාරී තැනකට ඇද දැම්මා! සති 2කින් ජිනීවා පටන් ගන්නවා! IMF සාකච්ජා යනවා! GSP+ එකත් අවදානමේ! මහාචාර්ය ජී.එල්.පීරිස් කතා කරයි!

රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළුකාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය.

මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් කිසිවක් ඉතිරි නොවන බවද  ඔහු පැවසූවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තමා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ බවත් සමස්ත පනත සමාලෝචනයට භාජනය කරන තුරු පනත ක්‍රියාත්මක කිරීමට ඉක්මන් නොවන්නේයැයි එහිදී ප්‍රකාශ කෙරුණු බවත්  මහාචාර්යවරයා සඳහන් කළේය.

පීරිස් මහතා මෙසේද සඳහන් කළේය.

තව සති දෙකකින් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ පනස් එක්වෙනි රැස්වීම ආරම්භ වෙනවා. සැප්තැම්බර් දොළොස් වැනිදා. ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදල සමග සාකච්ඡාව ටත් සූදානම් වෙනවා. ජීඑස්පී ප්ලස් සහනය අපේ රටේ අපනයනයට කෙලින්ම  බලපාන දෙයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේන්  මේ සියලුම ක්ෂේත්‍ර අගතියට පත් වෙනවා. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි .

ඒ වගේම රජය හදිසි නීතිය  ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. අපි තීරණය කළා ඒ යෝජනාවට සහාය නොදීමට. හදිසි  නීතිය ක්‍රියාත්මක කිරීමට  කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

දැන් ඊට වඩා දරුණු පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  ගෙන එන්න සූදානම් වෙනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍යයා දින අනූවකට රඳවා ගැනීමට නියෝගයක් ලබාගත්තා. මොකක්ද මෙතන තියෙන ත්‍රස්තවාදය. අපි දකින්නේ නැහැ මෙතන තස්ත්‍රවාදයක්.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka