gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක එක අයට ඕන විදිහට වැඩ බෑ – සමගියේ අයට තනතුරු දුන්නාට පොහොට්ටු ලේකම්ගෙන් යකා නටයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඒ කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින් මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්.

එම කමිටු පිහිටුවීමටත් කලින් ඒවායේ සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂය එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් යෝජනා කර ඇතැයිද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද කාරියවසම් මහතා පෙන්වාදී තිබෙනවා.

මුලින්ම එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව එහි සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු වන බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිවම දැක්වෙන්නේ යැයිද ඔහු පෙන්වා දී තිබෙනවා.

එක් එක් අයට ඕන විදියට සභාපති තනතුරුවලට මන්ත්‍රීවරුන් පත් කළ නොහැකි බවද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වෙනවා.

මේ අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කර ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ එම කමිටු දෙකේ සභාපති තනතුරු විපක්ෂයට ලබාදීමට කතානායකවරයා මීට පෙර පැවැති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමකදී  එකඟ වූ බවයි.

එම රැස්වීමේ සටහන් ඇති හෙයින් එදින ගත් තීරණය අනුව කටයුතු කරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවල මෙයට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්. කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතාත්, කෝපා කමිටුවේ  සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් එලෙස කටයුතු කළා.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කිරීමත් සමඟ කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසි වුණා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka