gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝල්ෆේස් කැරලිකරුවන්ගෙන් රට බේරාගත් ජනපති රනිල් නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනවා! – ඩී.වී. චානක

ගෝල්ෆේස් ඊනියා කැරලිකරුවන්ගේ ක්‍රමන්ත්‍රණය පරාජය කර රට බේරාගත් ජනපති රනිල් වික්‍රමසිංහගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

වර්තමානයේ රටේ සියලු ජනතාව මමුහුණු දෙන ආර්ථික අවපාතයට ප්‍රධානම හේතුව වසර 2ක් පුරා පැවති කොවිඩ් වසංගතය බව පැවසු මන්ත්‍රීවරයා, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් 225 දෙනාම ජනාධිපතිවරයා හට සහාය දීමට පෙලගැසිම කාලීන අවශ්‍යතාවක් බව අවධාරණය කළේය.

මේ වන විට ලෝකයේ දියුණු රටවල් පවා ආහාර සහා බලශක්ති අර්බුදයකට මුහුන දි ඇති අවස්ථාවක ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මනා සැලසුමකට අනුව මෙරට ආර්ථිකය කළමනාකරණය කරමින් රට දියුණුවේ නව මාවතක් වෙත යොමු කිරිමට සමත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මේ බව පැවසුවේ එම පක්ෂයේ තංගල්ල, සීනිමෝදර ශාඛා සංවිධාන ප්‍රතිසංවිධාන රැස්වීම අමතමිනි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka