gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජපක්ෂලාගේ පරණ සෙට් එකට යළි ඇමතිකම්! බැසිල්ගේ සූත්‍රයක්!

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේ දී සිය දිස්ත්‍රික් නායකයන්ට කැබිනට් ඇමැති ධුර ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ. 
මේ පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවත්වා ඇතැයි ද පැවසේ.

කෙසේවුවද, පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බද මේ අතර වාර්තා වේ.

ඒ අනුව, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නි ආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් ලන්සා හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්දේශ කර ඇති බවද වාර්තා වේ.

මේ වන විට අමාත්‍යාංශ විසි අටක් ගැසට් කර ලේකම්වරු පත් කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා පවත්වයි.

කැබිනට් ඇමැති ධුර තිහක් හා රාජ්‍ය ඇමැති ධුර තිහක් සර්ව පාක්ෂික ආණ්ඩුවේදී පත් කෙරෙන අතර දැනට පත්ව සිටින කැබිනට් ඇමැතිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් වන බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර උතුරු නැගෙනහිර හා කඳුකරයේ දෙමළ ජනතාවට උපරිම සේවයක් ලබාදීම සඳහා එම පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කැබිනට් අමාතය ධුර හා රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන්ට, ජාතික කොන්ග්‍රසයේ නායක පා.ම. ඒ.එල්.එම්. අතාවුල්ලාට හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පා.ම. සී.වී. විග්නේෂ්වරන්ට කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව කඳුරට ජනතා පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පා.ම. ඒ අර්වින් ද කුමාර්ට හා ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පා.ම. සිවිනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මූලාශ්‍රය - අරුණ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka