‘යන්න එපා කියල මම ඒගොල්ලන්ට වැන්දෙ නැති එක විතරයි’..- මෛත‍්‍රී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය ද ඉන් පස්දෙනකු ඇමති ධුර ගැනීම සඳහා ගිය බව එම පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දෙදෙනෙක් ඇමති කම් ගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ ඉතිරි අයද ඇමැතිකම් ගත් බවත් හෙතෙම පැවසීය.
‘මම ඒගොල්ලන්ට වැන්දෙ නැති එක විතරයි යන්න එපා කියලා’ යැයිද ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ පුහුණු වැඩසටහනක් එම පක්ෂ මූලස්ථානයේදී අමතමිනි.
‘යන්න එපා කියල මම ඒගොල්ලන්ට වැන්දෙ නැති එක විතරයි’..- මෛත‍්‍රී
2022-08-07T17:49:00+05:30
Gossip Lanka Hot News






