ජනාධිපතිට ආණ්ඩුකාරවරුන් පහයි.. පොහොට්ටුවට හතරයි.. රජයේ ආයතනවල ප‍්‍රධානීන් රැසක් ඉවතට..
ආණ්ඩුකාරවරුන් මාරු කිරීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුකාර වූ පස් දෙනකු පත් කිරීමට නියමිතව ඇත.
බස්නාහිර, සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුර යන පළාත් සඳහා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ඇති අතර සෙසු පලාත් සදහා දැනට සිටින අාණ්ඩුකාරවරුන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් පුද්ගලයන් පත් කිරීමට නියමිතය.
මීට අමතරව රජයේ ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල වැඩි ප‍්‍රමාණයක දැනට සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයන් ඉවත් කර ඒ වෙනුවට නව පත් කිරීම් සිදු කිරීමටද රජය තීරණය කර ඇත.
ජනාධිපතිට ආණ්ඩුකාරවරුන් පහයි.. පොහොට්ටුවට හතරයි.. රජයේ ආයතනවල ප‍්‍රධානීන් රැසක් ඉවතට..
2022-08-08T00:53:00+05:30
Gossip Lanka Hot News






