පොහොට්ටුවෙන් ජනපති රනිල්ට කොන්දේසි දැමීම අරඹයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී පසුව තමන් ස්වාධීන වූ බව කියන කිසිවකුට පොහොට්ටුවේ අනුමැතියකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවේ තනතුරු සහ පිළිගැනීම ලබා නොදිය යුතු බව පොහොට්ටුව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එහෙත් එම ස්වාධීන මන්ත්‍රීන් සමඟ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන තම පක්ෂය විරෝධය නොදක්වන බවද පොහොට්ටුව කරන ලද දැනුම්දීමේ සඳහන් බව පැවසේ.
මේ පිරිස පොහොට්ටුවෙන් මන්ත්‍රී ධුර ලබාගෙන පසුව තමන්ගේ අභිමතය පරිදි ස්වාධීන වූ බව ප්‍රකාශ කරන හෙයින් පොහොට්ටුව මෙම තීරණය ගත් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
-srilankamirror
පොහොට්ටුවෙන් ජනපති රනිල්ට කොන්දේසි දැමීම අරඹයි!
2022-08-07T09:16:00+05:30
Gossip Lanka Hot News






