සුකේෂ් ගේ නඩුවට ජැකී චූදිතයෙකු ලෙස නම් කරයි
ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට ව චූදිතයෙකු ලෙස නම් කෙරී තිබෙනවා. ඒ ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියකට අදාළව කොම්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව පවරා ඇති නඩු කටයුත්තකට සම්බන්ධවයි.
චන්ද්‍රසේකර් විසින් ඇයට විටින් විටදී ලබාදුන් තෑගි වල වටිනාකම ඉන්දීය කෝටි 5.71ක් ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම ත්‍යාග අතර ඉන්දීය රු. ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු හා ඉන්දීය රු. ලක්ෂ9ක් වටිනා පර්ෂියන් බළලෙකුද අයත් බව පැවසේ.
මෙම නඩුව සම්බන්ධයෙන් ජැකලින්ගෙන් එරට බලධාරීන් කිහිප වරක්ම කටඋත්තරද ලබාගෙන තිබේ.
(මූලාශ්‍රය : NDTV)
සුකේෂ් ගේ නඩුවට ජැකී චූදිතයෙකු ලෙස නම් කරයි
2022-08-17T14:45:00+05:30
Gossip Lanka Hot News





