gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ රෝහල්වල බෙහෙත් නෑ; බොරු ප්‍රචාර යවන්නේ හේමාස්?

රජයේ රෝහල්වල වල ශෛල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගේ නම් ලයිස්තු ලබාගෙන රජයේ රෝහල්වල බෙහෙත්, ශෛල්‍ය කටයුතු සඳහා අවශ්‍යවන යෙදවුම් නොමැති බව පවසමින් හේමාස් රෝහල විසින් දුරකථන සේවාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් මෙසේ රෝගීන්හට දුරකථන ඇමතුම් ලබාදී සිය රෝහලෙන් අදාළ ශෛල්‍යකර්ම මුදල් ගෙවා සිදුකර ගැනීමට හැකි බවට ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.

මෙලෙස හේමාස් විසින් රෝගීන්ට නිතර නිතර ඇමතුම් ලබාදීම හේතුවෙන් ඔවුන් මහත් අපහසුතාවයට පත්ව ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, මේ තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට හේමාස් හොස්පිට්ල්ස් හි සාමාන්‍යාධිකාරී ප්‍රභාන් ගුණවර්ධන මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

එසේම හේමාස් හොස්පිට්ල්ස් හි ප්‍රවර්ධන කටයුතු භාර වෙළෙඳ කළමනාකාරිණිය වන කසුනි බණ්ඩාර මහත්මියව දුරකථන ඇමතුමක් ලබාදෙමින් හා කෙටි පනිවුඩයක් යොමුකරමින් අප සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඒ සඳහා ඇය පිළිතුරු ලබාදුන්නේ නැත.

මේ අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව සඳහා ද පැමිණිලි ලැබී ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා නැතැයි ද වාර්තා වේ.

උපුටාගැනීම - srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka