gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘හරක් කටා’ ලංකාවට ගෙන්වීම නවතන්න දේශපාලඥයෙක් වලිකයි…

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් මත ඩුබායිහිදි අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නොහැකිවන අයුරින් කටයුතු කිරීමට දකුණේ දේශපාලනඥයකු පොලිසියේ ඉහළ නිලධාරින් කිහිප දෙනකුගේ සහාය ගැනීමට සැලසුම් කරගෙන යන බව අනාවරණය වී ඇත.
මේ සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමට හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සිකුරාදා (12 වැනිදා) වනවිටත් ඉදිරිපත් වී ඇතැයි හෙළිවිය.
හරක් කටා බිරිඳ ඇතුළු කණ්ඩායමක් සමග යුරෝපා රටකට යන බවට ඔත්තුව ලබා දී ඇත්තේ පානදුරේ කුඩු සලිඳු බවට හෙළි වීමත් සමග ඩුබායිහි පාතාලයන් අතරද විරසකයක් හටගෙන ඇතැයිද පැවසේ.

ඩුබායි රාජ්‍ය සමග රටවල් අතර සිරකරුවන් හුවමාරු කරගන්නා ගිවිසුමක් නොමැති හෙයින් රාජ්‍ය ත්‍රාන්තික මැදිහත්වීමක් නොවුණහොත් හරක් කටා මෙරටට රැගෙන ඒමට නොහැකි වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දී ඇත.

මීට පෙර ගල්කිස්සේ ඇල්ටෝ ධර්මේ ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇත්තේද මේ නිසාය.

හේරත් දිසානායකගේ රෝෂාන් ඉසංක නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට ගිය මොහොතේ හරක් කටා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඩුබායි පොලිසියට කළ දැනුම්දීමක් මතය.
– අරුණ පුවත්පතිනි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka