gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ට ඇමැති ධුර දෙන්න එපා : බ්ලැක් කැප් නිවේදනය කරයි

ඉදිරියේ පිහිටුවන සර්ව පාක්ෂික රජයක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට කිසිදු අමාත්‍ය තනතුරක් ලබා නොදෙන ලෙස ‘බ්ලැක් කැප්’ සංවිධානය සඳහන් කරයි.

රාජපක්‍ෂ පවුල්වාදයේ අත්තනෝමතික භාවයට එරෙහිව පැන නැගුණු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය රාජපක්‍ෂවාදයෙන් තොර නව පාලන තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීම යැයි බ්ලැක් කැප් මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. එහි මෙසේ ද සඳහන් වේ.

අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරලියට ගැනීමට නොවේ. රාජපක්‍ෂවාදයේ පසුගාමීත්වයෙන් තොර රටකි. නමුත් පසුගියදා භූ විiා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු පත් කිරීම සඳහා ද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මාර්ගයෙන් බලපෑම් කර තිබෙනු අපට නිරීක්‍ෂණය විය.

ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් අප ඉතා බැරෑරුම්ව ඉල්ලා සිටිමු.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka