gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ජුන ආසියානු ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂට ඩුබායි යාම තහනම් කරලා!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන්නට නියමිතව ඇතත් එම තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස පත් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා තවමත් ඩුබායි වෙත ගොස් නැතැයි වාර්තා වේ.

එයට හේතුව, වී ඇත්තේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග විසින් රවින් වික්‍රමරත්න එහි නොයවන ලෙස ක්‍රිකට් බලධාරින්ට දන්වා සිටීමයි.

සාමාන්‍යයෙන් මෙවැනි නියෝගයක් ලබා දිය යුත්තේ ක්‍රීඩා ඇමතිවරයා වුවත් එය ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වරයා විසින් කර තිබීම විශේෂත්වයකි.

එම නියෝගයද ලිඛිතව නොව වාචිකව කර තිබෙන එකක් බව වාර්තා වේ.

මේ අතර රවින් හැරුණු විට අනෙක් නිලධාරීන් මේ වන විට ඩුබායි වෙත ගොස් ඇතැයිද වාර්තා වේ.

මේ අතර, දැඩි ප්‍රමාදයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීම සිදුකර තිබුණේද ඊයේ (19) රාත්‍රියේදීය.

ඒ වන විට මේ සඳහා නම් කළ කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයා වෙත යොමු කර සතියකට වඩා ගත වී තිබූ අතර ජාතික කණ්ඩායම් තම අනුමැතියට ඉදිරිපත් කරද්දී සංචාරයට දින 21 කට පෙර තමන් වෙත යොමුකළ යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ආසියානු කුසලාන තරගාවලියේ සංවිධානය ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් දරණු ලබන අතර මෙවර එහි සත්කාරත්වය ඔවුන් පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකාවටය.

ඒ අනුව තරගාවලිය පවත්වන්නට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේ වුවත් ආසියානු ක්‍රිකට් සම්මේලනය අවසන් මොහොතේ තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කොට ඩුබායි වෙත ගෙන ගියේය.

මේ තීරණය ක්‍රීඩා අමාත්‍ය වරයාගේ හා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගගේ විවේචනයට ලක්වූ අතර එය ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත යැවීම ගැන ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් පවරන්නටද යෙදිණ.

- ශ්‍රී ලංකා මිරර්


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka