gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවෙන් පලා ගිය බව කී ජෙහාන් අප්පුහාමි අධිකරණයට භාර වෙයි… ඇප ලැබෙයි!

පසුගිය 18 වැනිදා පැවති  විරෝධතාවය අතරතුරදී  පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගිය බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රවීන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි නීතිඥයෙක් මාර්ගයෙන් අධිකරණයට  බාර වීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරියේය.

කෙසේ වෙත්ත ඔහුගේ පලා යෑම සම්බන්ධව විශේෂ විමර්ශන එක්කයට පරීක්ෂණයක්  කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගියදා අධිකරණයේ දී ජෙහාන් අප්පුහාමිගේ පලායෑම සම්බන්ධව කරුණු දක්වමින් නීතිඥවරු දන්වා සිටියේ ඔහු කිසිම ආකාරයක පලා යෑමක් සිදුනොකළ බවත් මරදාන පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමක් නොකරන බව දන්වා ඉවත්වන ලෙස දන්වා සිටි බවත්ය.

ජෙහාන් අප්පුහාමිට අධිකරණය මගහැරීමට කිසිම අවශ්‍යතාවයක් නැති බව ද නීතිඥවරු එදින අධිකරණයට දන්වා සිටියහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka