තෙල් විතරක් නෙමෙයි එන්ජින් ඔයිලුත් නෑ! කෝච්චි එන්ජින් 20ක් නවත්වයි! කෝච්චි දුවවන එකත් අවුලෙන් අවුලට!
එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.
දුම්රිය එන්ජින් ඇණිය එන්ජින් 74 කින් සමන්විත වුව ද පවතින තත්ත්වය හමුවේ එය 54 ක් දක්වා අඩුවී තිබේ.
ඒ අනුව දුම්රිය බලවේග කට්ටල වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුව ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ, එන්ජින් ඔයිල් කඩිනමින් ආනයනය කිරීම සඳහා ලබන සිකුරාදා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.
තෙල් විතරක් නෙමෙයි එන්ජින් ඔයිලුත් නෑ! කෝච්චි එන්ජින් 20ක් නවත්වයි! කෝච්චි දුවවන එකත් අවුලෙන් අවුලට!
2022-08-17T11:07:00+05:30
Gossip Lanka Hot News






