අද දින අගමැති රනිල් වික්‍රමසිංහගේ ගිනිගත් නිවස නිරීක්ෂණයට පැමිණි එජාපයේ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන එහි සිටි මාධ්‍යවේදීන් අමතා දන්වා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්වූ බවට පළවූ මාධ්‍ය වාර්තා වැරදි බවයි.ඔහු ඉවත්වන්නේද නැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37-1 හා 37-2 වගන්ති අනුව වැඩකරන බවත්ය.
ජනපති ඉවත්වන බවට පළ කර ඇති ප්‍රකාශය ගැන තමා දන්නේ නැති නමුත් තම නායක රනිල් ගැන කථා කළ හැකි බව කියන වජිර අබේවර්ධන පවසන්නේ ව්‍යවස්ථාවට පිටින් වැඩ කළ නොහැකි බවත් ඒ නිසා රනිල් 37 වගන්ති අනුව වැඩකරනු ඇති බවත්ය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 37 වන වගන්තිය අනුව නිරූපණය කර ඇත්තේ ජනපතිවරයෙකු නොමැතිවූ අවස්ථාවක අගමැතිවරයා ජනපති බවට පත්වන හැටිය. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය අවස්ථා 6 කදී ලබා ඇති මුත් ඔහුට කිසිදා ජනපති ධූරය ලබාගන්නට හැකිවූයේ නැති අතර වජිර කියා සිටින ආකාරයට රනිල් ජනපති වන්නට අපේක්ෂාවෙන් පසුවේ.
පහත පළවන්නේ ව්‍යවස්ථාවේ 37 වන වගන්තින්ය.
ඊට පහතින් වජිර අබේවර්ධන සිදුකළ කතාව දැක්වේ.