ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.
මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන් හට විරෝධතා සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට හැකියාව තිබෙන බවත් එයට බාධා එල්ල නොකළ යුතු බවත් එම සටහනේ දැක්වේ.
සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සහ කිරීම තුලින් රටේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය තවත් නරක අතට හැරිය හැකි බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පැවසුවාය.
තවද ජනතාවගේ උපදෙස් ලබා ගනිමින් සාමකාමී විසඳුමකට යාම ඉදිරියට යා හැකි එකම මාර්ගය බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පෙන්වා දුන්නාය.
Gravely concerned by use of force to disperse protestors.
— Hanaa Singer-Hamdy (@SingerHanaa) July 22, 2022
Journalists and human rights defenders have a right to monitor demonstrations and their functions should not be impeded. pic.twitter.com/iqcXvzNtEC
