gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති තවත් ගැසට් එකක් ගහයි! ‌කොහොමහරි වැඩට එන්න වෙන ලකුණු!

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින්. 

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා.

ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය ද එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. 

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදියි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka