gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වසන්ත මුදල්ගේ, ලහිරු, ජෝෂප් ස්ටාලින් ඇතුළු 06කගේ විදෙස් ගමන් තහනම්!

පසුගිය ජූනි මස 09 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින්, රංගන ලක්මාල්, එරංග ගුණතිලක, සහ ජීවන්ත පීරිස් පියතුමා යන හය දෙනාට එරෙහිව විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (25) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම සිද්ධියට අදාළව සමාජ ක්‍රියාකාරී රවිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’, රත්කරව්වේ ජිනරතන හිමි, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජොහාන් අප්පුහාමි ඇතුලු නව දෙනකු කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබිණි.

එම අවස්ථාවේ කොටුව පොලිස් මූලස්ථානය ඉදිරියට පැමිණි විරෝධතාකරුවන් බල කර ඉල්ලා  සිටියේ     සාමකාමී ජන අරගලයට මැයි 09 දා පහරදී නීතියෙන් සැඟවී සිටින දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසට නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka