ජනපති සටනට පොහොට්ටුව පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීමට හෝ ස්ථිර කිරීමට පොහොට්ටු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.
වික්‍රමසිංහ මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වයට දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථිර කළේ මනූස නානායක්කාර මහතා විසිනි.
දිනේෂ් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයා වන අතර මනූස නානායක්කාර මහතා සමගි ජන බලවේගයෙන් ජන්දය දිනා ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට එක්වූ අයෙකි.
ඒ අනුව පොහොට්ටුවේ සාමාජිකයකු වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා-ස්ථිර කිරීමට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මේ වනවිට මතුව ඇති අතර ඇතැම් දෙනා සදහන් කරන්නේ මෙමගින් පොහොට්ටුව ඇතුළේ වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් බරපතළ බෙදීමක් මතුව ඇති බව පෙනෙන්නට ඇති බවකි.
