රට තුළ පවතින තත්වය අනුව ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටාගත යුතු බවත් එම ආණ්ඩුව උපරිම මාස හයක් ඇතුලත මහා මැතිවරණයක් පවත්වා ජනතාවගේ ඡන්දයෙන් පාලනයක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව මහා සංඝ රත්නය අවධාරණය කරති.
උන් වහන්සේලේ මෙම අවධාරණය කරන ලද්දේ අද (19) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය. මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් සංවිධානය කර තිබුණු අතර එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ වනවිට යම් යම් සුලු පිරිසක් ජාතිවාදය හා ආගම්වාදය ඇති කිරීමට ගන්නා උත්සාහයට කිසිසේත් හසු නොවන ලෙසය.
පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු පත්කර ගෙන ඉටු කළ යුතු මූලික කාර්යභාරයන් අතර යළි ජාතිවාදය හා ආගම්වාදය ඇති නොකිරීමට ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරනු ලැබීය. මෙම මාධ්‍ය හමුවේදී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමි, මහාචාර්‍ය පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමි සහ පූජ්‍ය මාදම්පාගම අස්සජි අනුනාහිමි අදහස් පළ කළහ.
