බොරුව අතේ පත්තු වුනා ද?… අන්තර්ජාලය හිර කරන්න ජනපති කියු බවට ලිපියක් දුරකථන සමාගම්වලට ඇවිත්!
ජනතාව විසින් අද දින රට පුරා විරෝධතා පැවැත්වීමට වළක්වාලීම සඳහා අන්තර්ජාල සේවා අවහිර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියෝග කර ඇති බව දක්වමින් ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට දුරකථන සේවා සමාගම්වලට යවන ලද බව පවසමින් සමාජ මාධ්‍ය තුළ සැරි සැරූ ලිපිය ව්‍යාජ එකක් බවට එම කොමිසම පසුව දැන්වුවද එවැනි ලිපියක් දුරකථන සේවා සමාගම්වලට ලැබී ඇති බවට එම සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම දුරකථන සේවා සමාගම් ප්‍රකාශකයකු තහවුරු කළේ මෙම ලිපියට අනුව ගත යුතු මූලික ක්‍රියාමාර්ග පිළිබඳව එම සමාගම් තුළ සාකචඡාද පැවති බවය.
මේ වනවිට මෙම ලිපිය ව්‍යාජ එකක් බවට විදුලි සංදේශ නියාමන කොමිස විසින් ප්‍රකාශ කළද එම කොමිසමේ සභාපතිවරයා ජයන්ත ද සිල්වා ගේ අත්සනින් යුතුව යවන ලද ලිපිය කා විසින් එවන ලද්දැක්ද යන්න පිළිබඳව පුලුල් විමර්ශනයක් සිදු කළ යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ සභපතිවරයා විසින් සියලුම දුරකථන සමාගම් වෙත ලිඛිතව සිය අන්තර්ජාල සේවා නවතා දමන ලෙසට නියෝග කර තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයට ලැබී ඇති තොරතුරු ප්‍රකාරව අද (09) දින කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂයෙන්ම ගාලු මුවදොර ආසන්නයේ විරෝධතා පැවැත්විය හැකි බැවින් ජනාධිපතිවරයා විසින් සාමන්‍ය දුරකථන ඇමතුම් සේවා පමණක් සැපයීමටකටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවටද අදාල ලිපියේ සඳහන්ය.
ලංකාසර
බොරුව අතේ පත්තු වුනා ද?… අන්තර්ජාලය හිර කරන්න ජනපති කියු බවට ලිපියක් දුරකථන සමාගම්වලට ඇවිත්!
2022-07-09T07:59:00+05:30
Gossip Lanka Hot News





