රටේ මතුව ඇති හදිසි තත්ත්වය පිළිබද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විශේෂ නිවේදනය් නිකුත් කොට ඇත. එය මෙසේය.
මේ මොහොතේ රටතුළ උද්ගත වෙමින් පවත්නා තත්වය ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා මැතිතුමා ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටී.
පහුගිය දින ගණනාවක සිට බොහෝ දේශපාලනික කණ්ඩායම්, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන සහ පුරවැසියන් විවිධ ඉල්ලීම් හා යෝජනා ෆීල්ඩ්මාශල්තුමන් වෙත ඉදිරිපත් කර තිබේ.
දිනෙන් දින වර්ධනය වන ව්‍යාකූලත්වය සහ දේශපාලකයන්ගේ බලපොරයට මැදිහත් නොවී, තවදුරටත් ජනතාව සමග එක්ව සැබෑ ජනතා අරගලයේ ජයග්‍රහණයක් වෙනුවෙන් කැපවන බවත් ජනතා පරමාධිපත්‍ය බලය පිලිබදව විශ්වාසයෙන් කටයුතු කරන බවත් ෆීල්ඩ්මාශල්තුමන් අවධාරණය කර සිටී.
