gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘අපි ආණ්ඩුවට අවසන් පණිවුඩය දෙමු’! හෙට අරගලයට සජිත්ගෙන් පණිවුඩයක්!

හෙට ආරම්භ වන අරගලයට සහාය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ශක්තියෙන් ආණ්ඩුවට අවසන් පණිවිඩය දෙමු!

රටේ සහ පුරවැසියන්ගේ සකලවිධ බලාපොරොත්තු සුනු විසුනු කොට මුළුමහත් රටම අතිශය බරපතළ ඛේදවාචකයකට තල්ලු කොට දමා ඇති ආණ්ඩුවට අවසන් පණිවිඩය නිකුත් කළ යුතු මොහොත පැමිණ තිබේ.

දෙවසරකට වැඩි කාලයක් තිස්සේ අදුරදර්ශි, උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රටට උරුම වී ඇත්තේ ඛේදනීය වර්තමානයකුත්, අන්ධකාර අනාගතයකුත් පමණි. මීට එරෙහිව, සමගි ජන බලවේගය නොනවතින අරගලයක යෙදුණු අතර, නිර්පාක්ෂික සිවිල් සමාජය තුළද ආණ්ඩුවට එරෙහි බලවත් ප්‍රතිවිරෝධයක් ඉස්මතු විය.

එහි තීරණාත්මක අවස්ථාව වූයේ ගාලුමුවදොර දින අනූවක් සම්පූර්ණවූ පුරවැසි අරගලයයි.

පැන්සලක් හෝ පින්සලක් සමග විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව අරගල කරන පුරවැසි පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණි.

එහෙත් මේ ආණ්ඩුව විසින් එයද සිදු කරනු ලැබීය. ඔවුන්ගේ අරගලය, බලසම්පන්න විධායක ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක් ඇති බවට වහසිබස් දෙඩූ ආණ්ඩුවත් බිත්ති හතරක් මැද කොටු කිරීමට සමත් විය.

• මේ මහා අරගලය ආරම්භ වූ මොහොතේ සිට අරගලයේ අරමුණු සහ ඉලක්ක අපගේ අරමුණු සහ ඉලක්ක වලටද සමපාත වූ බැවින් ඔවුන්ගේ අරගලයට අපේ ආශීර්වාදය හිමි විය.

• හෙට (09) එහි තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර එම ජනතා අරගලයට සමගි ජන බලවේගයේත් සමගි ජන සන්ධානයේත් පූර්ණ ආශිර්වාදය, සහ සහයෝගය අපි නොපිරිහෙලා ලබාදෙමු.

• මේ තත්ත්වයෙන් කුපිත ව සිටින ආණ්ඩුව දැන් වෑයම් කරන්නේ ප්‍රාථමික සහ මිලේච්ඡ ප්‍රතික්‍රියා මගින්, මේ රටේ වීදිබට ජනයාගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදීමටය.

ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, නැමැති හලාහල විෂ යොදා මේ මහා ජනතා අරගලය අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටී.

මේ මොහොතේ උද්ගතව පවත්නේ මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධතාවයයි. වේදනාවයි. විරෝධතාවය උදෙසා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහි වීමට කිසිදු බලවේගයකට අයිතියක් නැත.

ජනතා වේදනාවට සහ විරෝධයට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි නොදෙන ලෙස සියලු ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිමු. ආරක්ෂක අංශ සිදු කළ යුත්තේ පුරවැසියා ආරක්ෂා කිරීම මිස ආණ්ඩුව ආරක්ෂා කිරීම නොවන බව අවධාරණය කරමු.

• ආණ්ඩුවේ කූඨ සහ බියගුළු අරමුණු වලට හසු නොවී කටයුතු කිරීමත්, අවිහිංසාව පෙරදැරිව මේ මහා පුරවැසි අරගලය විජයග්‍රහණය දක්වා රැගෙන යාමත් අප සියලු දෙනා සතු වගකීමක් වන අතර ඒ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය උදෙසා අපගේ සියලු ශක්තීන් ලබා දෙමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka