BREAKING NEWS: වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපානයේ හිටපු අගමැති ජිවිතක්ෂයට!
අද (ජූලි 8) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්වී තිබේ.
ජපාන මාධ්‍ය වාර්තා කළේ, හිටපු අගමැතිවරයා ප්‍රතිකාර ලබමින් සිටි රෝහලකදී මිය ගිය බව ජාපන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළ බව ය.
එළෙඹෙන මැතිවරණ සඳහා නාරා නගරයේ ප්‍රචාරක රැස්වීමකට සහභාගි වී සිටියදී ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ අද පෙරවරු 11.30ට පමණ වෙඩි ප්‍රහාරයට ලක් විය.
ඔහුට දෙවරක් වෙඩි වැදී තිබුණු අතර, දෙවන වෙඩිල්ල ඔහුගේ පිටුපසට වැදී ඔහු බිම ඇද වැටී තිබේ.
ප්‍රහාරයෙන් අනතුරුව ඔහු හෙලිකොප්ටරයකින් රෝහල්ගත කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.
2020 වසරේ ඉල්ලා අස්වන තෙක් ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධූරය දැරූ අබේ මිය යන විට 67 වන වියේ පසු විය.
ප්‍රහාරය එල්ල කර සුළු වෙලාවකින් අනතුරුව ඝාතකයා එම ස්ථානයේදී ම අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ජපාන මාධ්‍ය වාර්තා කළේ, සැකකරු ටෙට්සුයා යමගාමි නමැති 41 හැවිරිදි නාරා ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බව ය.
ප්‍රහාරය සඳහා යොදා ගත් බවට සැලකෙන ගිනි අවිය නිවෙසේදී ම සාදන ලද්දක් බව පොලිසිය ප්‍රකාශ කළ බව ජපාන මාධ්‍ය වාර්තා කළේ ය.
BREAKING NEWS: වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපානයේ හිටපු අගමැති ජිවිතක්ෂයට!
2022-07-08T15:31:00+05:30
Gossip Lanka Hot News






