ජනතා අරගලයට පහර දුන් අගමැතිටත් ජනාධිපතිටත් ගෙදර යන්න වුනා...පත්කරගත් ඒකාධිපතිත්වයකට මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුයි - විපක්ෂ නායක
රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වුණේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත්, ඉන් අනතුරුව එය ජනාධිපතිවරයා රටෙනුත් නෙරපා හැරීම දක්වා දිග්ගැසුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉන් අනතුරුව සිදු සිදු වූ ක්‍රියාදාමය තුළින් නව ගමනක් බලාපොරොත්තුව සිටි සියලු දෙනාට අත්විඳින්නට සිදුව ඇත්තේ ඒ වෙනුවට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමනම බවත් පැවසීය.
හැටනව ලක්ෂයක බහුතරයකින් රටේ පාලකයා බවට පත්වූ ජනාධිපති වරයෙකු මහජන අරගලයක් විසින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් තුළ කිසිවක් කොට අත්තනෝමතික ලෙස හැසිරෙනු හැකි බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවක් (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. වඩාත් ඉදිරිගාමී රටක් නිර්මාණය කිරීම උදෙසා වූ සාධනීය අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහි අරමුණ යි.
දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සහ වෘත්තිකයින් පිරිසක් මීට එක්ව සිටියහ. පත්කරගත් ඒකාධිපතිත්වයකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුබවත් පාලකයින් එකමුතු බවේත් සාධාරණත්වයේත් ආදර්ශය ලබා දියයුතු බවද පැවසීය.
– Media unit
ජනතා අරගලයට පහර දුන් අගමැතිටත් ජනාධිපතිටත් ගෙදර යන්න වුනා...පත්කරගත් ඒකාධිපතිත්වයකට මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුයි - විපක්ෂ නායක
2022-07-26T09:10:00+05:30
Gossip Lanka Hot News






