gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට ගොඩ දා නොබෙල් ත්‍යාගයත් ගන්න රනිල් අගමැති ධුරය අත හැර අනුර කුමාරට දීමට සූදානම්! (VIDEO)

මාස හයකින් රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් තමන්ට ඇතැයි කියන අනුර කුමාර දිසානායක  අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අගමැති රනිල් වික්‍රමසිංහ  තමන් මෙම තනතුර අතහැර  ඔහුට ලබා දීමට තමන්ට සූදානම් බව ද අද පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කළේය.

තමන්ට එවැනි කෙටි කාලයක් තුළ එම කටයුත්ත සිදු කළ නොහැකි බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක  ට එවැනි වැඩපිළිවෙළක් පවතින්නේ නම් එය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය පවා ලැබිමට සුදුසුකමක් වනු ඇති අතර  තමන් ඒ අවස්ථාව ලබා දීමට කැමැති බව අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ පවතින ආර්ථික තත්වය පිළිබඳව විහේෂ ප්‍රකාශයක් කළ අගමැතිවරයා එම ප්‍රකාශයේ අවසාන භාගයේදී පැවසුවේ තමන්ට  රට 2018 වසරේ තබුණු තැනට පත් කිරීමට 2026  වර්ෂය පමණ දක්වා  ක්‍රමයෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමට සිදුව ඇති බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා

“අනුර කුමාර දිසානායකට මාස හයකට පුළුවන් නම් ඒක හොඳ වැඩක්. රට වැටී ඇති තත්ත්වය අනුව එය එසේ කළ හැකි නම් අදාල සැලසුම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ජනාධිතිවරයාට එම සැලසුම දෙන්න  බැරි නම් පාර්ලිමෙන්තුවට දෙන්න. එම වැඩපිළිවෙළ  ලෝකයට කදිම පූර්වාදර්ශයක් වේවි. “


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka